AFC Banner
AFC Banner
Empty Ad

ජේ ෂාගේ තනතුරට එන අලුත්ම මුහුණ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ ලේකම්වරයා ලෙස දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති රොහාන් ජෙයිට්ලි පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බවට තොරතුරු වාර්තා වාර්තා වනවා.

එහි වත්මන් ලේකම් ජේ ෂා අයි.සී.සී නව සභාපතිවරයා ලෙස පත්වුවහොත් රොහාන් ජෙයිට්ලිට මෙම අවස්ථාව හිමිවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ජේ ෂා තවමත් අයි.සී.සී සභාපති තනතුර සඳහා නාමයෝජනා ගොනු කර නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය ඇතුළු බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ලෙස කටයුතු කරන ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බවයි.

එලෙස සභාපති ධුරය සඳහා ඔහු තරග කළහොත් එම තනතුර ඔහුට නිසැකවම හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වුණේ අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත ඔහු කෙරෙහි පැවතීම හේතුවෙන්.

එලෙස ජේ ෂා අයි.සී.සී නව සභාපතිවරයා ලෙස පත්වුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ ලේකම්වරයා ලෙස දිවංගත දේශපාලනඥයෙකු වන අරුන් ජෙයිට්ලිගේ පුත් රොහාන් ජෙයිට්ලි එම තනතුර සඳහා පත් කිරීමේ සූදානමක් පවතිනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති රොජර් බිනී ඇතුළු නිලධාරී මණ්ඩලයේ නිල කාලය කාලය අවසන් වීමට තවත් වසරක් ඉතිරිව පවතිනවා.

ඒ, අනුව එම අවුරුදු වසරක කාලය වෙනුවෙන් රොහාන් ජෙයිට්ලි ලේකම් තනතුර සඳහා පත්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?