ජේ ෂාගේ තනතුරට එන අලුත්ම මුහුණ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ ලේකම්වරයා ලෙස දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති රොහාන් ජෙයිට්ලි පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බවට තොරතුරු වාර්තා වාර්තා වනවා.

එහි වත්මන් ලේකම් ජේ ෂා අයි.සී.සී නව සභාපතිවරයා ලෙස පත්වුවහොත් රොහාන් ජෙයිට්ලිට මෙම අවස්ථාව හිමිවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ජේ ෂා තවමත් අයි.සී.සී සභාපති තනතුර සඳහා නාමයෝජනා ගොනු කර නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය ඇතුළු බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ලෙස කටයුතු කරන ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බවයි.

එලෙස සභාපති ධුරය සඳහා ඔහු තරග කළහොත් එම තනතුර ඔහුට නිසැකවම හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වුණේ අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත ඔහු කෙරෙහි පැවතීම හේතුවෙන්.

එලෙස ජේ ෂා අයි.සී.සී නව සභාපතිවරයා ලෙස පත්වුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ ලේකම්වරයා ලෙස දිවංගත දේශපාලනඥයෙකු වන අරුන් ජෙයිට්ලිගේ පුත් රොහාන් ජෙයිට්ලි එම තනතුර සඳහා පත් කිරීමේ සූදානමක් පවතිනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති රොජර් බිනී ඇතුළු නිලධාරී මණ්ඩලයේ නිල කාලය කාලය අවසන් වීමට තවත් වසරක් ඉතිරිව පවතිනවා.

ඒ, අනුව එම අවුරුදු වසරක කාලය වෙනුවෙන් රොහාන් ජෙයිට්ලි ලේකම් තනතුර සඳහා පත්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40