එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට සැලකෙන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට මෙම නයිට් පදවිය පිරිනැමීමටයි කටයුතු කර ඇත්තේ.
දශක දෙකකට අධික කාලයක් පුරා ගෙවුණු ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ ඇන්ඩර්සන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 188ක්, එක්දින තරග 194ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර තිබෙනවා.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පැවසුවේ, අපේ ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන් එංගලන්ත පුරාවෘත්තයකට මෙය ලැබිය යුතුම ගෞරවයක් බවයි.
මේ වනවිට 42 හැවිරිදි වෞඑ පසුවන ජේම්ස් ඇන්ඩර්සන් පසුගිය වසරේ ජූලි මාසයේදී ලෝඩ්ස් හි බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයෙන් පඩු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.
පසුව ඔහු වේග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස එංගලන්ත පසුපෙළ කණ්ඩායමට එක්ව කටයුතු කරනු ලැබුවා.
එළඹෙන ගිම්හානයේදී රෙඩ් රෝස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු ගිවිසුම් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.