ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට සැලකෙන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට මෙම නයිට් පදවිය පිරිනැමීමටයි කටයුතු කර ඇත්තේ.

දශක දෙකකට අධික කාලයක් පුරා ගෙවුණු ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ ඇන්ඩර්සන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 188ක්, එක්දින තරග 194ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර තිබෙනවා.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පැවසුවේ, අපේ ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන් එංගලන්ත පුරාවෘත්තයකට මෙය ලැබිය යුතුම ගෞරවයක් බවයි.

මේ වනවිට 42 හැවිරිදි වෞඑ පසුවන ජේම්ස් ඇන්ඩර්සන් පසුගිය වසරේ ජූලි මාසයේදී ලෝඩ්ස් හි බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයෙන් පඩු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.

පසුව ඔහු වේග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස එංගලන්ත පසුපෙළ කණ්ඩායමට එක්ව කටයුතු කරනු ලැබුවා.

එළඹෙන ගිම්හානයේදී රෙඩ් රෝස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු ගිවිසුම් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33