ජූලියන් බෝලිං සහ ජොනතන් මාර්ටෙන්ස්ටයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් සහ පිහිනුම් ශූර ජූලියන් බෝලිං අද පෙරවරුවේ 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් කැදවා තිබෙනවා.