Empty Ad
Empty Ad
AFC Banner

ජීව උණ්ඩයක් රැගෙන අධිකරණයට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළට 3o3 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩයක් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයේ නඩු කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන් ප්‍රධාන ගේට්ටුවේ මුර පොළ අසල දී දැඩි පරීක්ෂාවට ලක් කරන අතරවාරයේදී යි සැකකරුගේ ගමන් මල්ල තුළ තිබී මෙම ජීව උණ්ඩය සොයාගෙන ඇත්තේ.

සැකකරුගෙන් මේ පිළිබඳ විමසීමේදී පැහැදිළි ප්‍රකාශයක් ලබා නොදෙන බව ද පොලිසිය සඳහන් කර තිබෙනවා.

සැකකරු නඩුවක් සඳහා පෙනී සිටීම සඳහා අධිකරණය වෙත පැමිණෙමින් සිට ඇති අතර මෙම ජීව උණ්ඩය අධිකරණය තුළට රැගෙන යාමට උත්සාහ දැරුවේ කුමක් සඳහා ද යන්න පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරු කැලණිය දිප්පිටිගොඩ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?