AFC Banner
Empty Ad
Empty Ad

ජිනීවා ගුලිය අඹරන්න රටවල් 20 ක් දත මදියි

ශ‍්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසීය.
 
 මෙම යෝජනාවට පක්‍ෂ බටහිර රටවලට එරෙහිව රුසියාව, චීනය, කියුබාව පාකිස්තානය, නේපාලය, බංගලදේශය යන රටවල් පමණක් ඡුන්දය භාවිත කරන බව ආරංචි මාර්ග කියයි.
 
 ජිනීවා ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ කොටි හිතවාදීන් 25 කගේ පිරිසක් ජිනීවා පැමිණ විදේශ තානාපතිවරු සම`ග සාකච්ඡුා පවත්වන බවයි.
 
 මේ කොටි හිතවාදීන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවී ශ‍්‍රී ලංකාවට එරෙහිව බලපෑම් කරනවා යැයි ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.
 
 මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව මාර්තු 17 වැනිදා සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?