ජැක්සන්ගේ රියේ හැපුනු අලියා තවමත් හමුවී නැහැ

පසුගියදා ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී අනතුරට ලක්වූයේ අලියෙකු මෝටර් රථයේ ගැටීමෙන් යැයි පැවසුවද වනජීවී කාර්යාල තුනක නිලධාරීන් එක්ව කළ විශේෂ මෙහෙයුමකින් පසුවත් එවැනි අලියෙකු ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි අනුරාධපුර වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි රත්නසිරි පෙරේරා මහතා පසුගියදා පවසා තිබෙනවා.

අනතුරකින් තුවාල ලැබූ අලියකු සිටි නම් එම සත්වයා ගමන්ගත් මාර්ගයක ලේ සලකුණක් හෝ තිබිය යුතු අතර එවැනි කිසිදු සලකුණක් වනජීවී නිලධාරීන්ට හමු නොවී තිබිම බරපතළ ගැටලුවකි.අලියා ගමන්ගත් මාර්ගයත් ගමන්ගෙන තිබෙන්නේ අපහසුතාවකින් ද යන්නත් එවැනි අලියකුට පෑගෙන තණකොළවලින් කිව හැකි නමුත් එවැනි සලකුණක් පවා හමු නොවී යැයි ද පෙරේරා මහතා කීය.

අනතුරින් පසුව එම අලියා රංචුව හැර ගියත් තනිව වැඩි කලක් නොසිටින අතර අනතුරෙන් පසුව මාසයකට අධික කාලයක් ගත වී තිබුණද එසේ නම් නැවත රංචුවට එකතු වී සිටිය යුතු යැයි ද පැවැසීය.

වනජීවී නිලධාරීන් නිරීක්ෂණයට ලක් කළ අලි රංචුවල අනතුරකට ලක් වූ එවැනි අලියකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.

එම රථයේ අලියෙකු ගැටුණු බවට ඇත්තේ ඇසින් දුටු සාක්ෂි දෙකක් යැයි ද එවැනි අලියෙකු සිටී දැයි සෙවීමට තවදුරට ත් අඛණ්ඩව මෙහෙයුම් කරන්නේ යැයි ද හෙතෙම පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05