‘ජාතිය ගොඩනැගීමේ බද්ද’ නොගෙවූ සුප්‍රසිද්ධ සමාගමකට ලක්ෂ 64ක දඩයක්

2012 වසරේ සිට වසර 3ක කාලයක් ‘ජාතිය ගොඩනැඟීමේ බද්ද’ ගෙවීම පැහැර හැරි ප්‍රකට දේපළ වෙළෙඳාම් සමාගමක් වන ඒ.එම්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ අයිතිකරුවන්ට රුපියල් ලක්ෂ 64කට හිඟ බදු මුදල දඩයක් ලෙස රජයට ගෙවීමට කොළඹ දිසා අධිකරණය අද (24දා) නියෝග කළා.

එම දඩය ගෙවීම පැහැර හැරියහොත් අමතරව මාස 6ක සිරදඬුවමක් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 291 වැනි වගන්තිය යටතේ නියම කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 179 (1) වගන්තිය සමඟ කියවිය යුතු 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැඟීමේ පනතේ 8 වැනි වගන්තිය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීම සිදු කෙරුණා.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය විය යුතු රුපියල් 64,43,716.71ක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට විනිසුරුවරයා නියම කළා.

දඩ මුදල් නියම කිරීමෙන් පසු වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දඩය මාසිකව වාරික ලෙස ගෙවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මසකට රුපියල් 2,68,488.19 බැගින් වසර 2ක් තුළ දී දඩය මුළුමනින්ම ගෙවා නිම කිරීමට අධිකරණය අවසර දුන් අතර ජාතිය ගොඩනැඟීමේ බද්ද මේ වන විට ඉවත් කර තිබෙනවා.

පැමිණිලිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ධනසේන මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21