Indian Premier League

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැන කැබිනට් මණ්ඩලයෙන් දුන් අවසරය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම 2017 වර්ෂයේදී ආරම්භ කෙරුණා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) මගින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු වනු ඇති.

ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිල දී ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
9
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?