AFC Banner
AFC Banner
Empty Ad

ජාතික සභාවට නො ගිය දේශපාලන පක්ෂවලට ශ්‍රීලනිපයේ ආචාරය

ජාතික සභාවට එක්වීමෙන් වැළකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත තම ආචාරය පුදකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ බව සඳහන් කර සිටියා.

ජාතික සභාව පිළිබඳ යෝජනාවේ අරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීම පමණක් බවයි නිදහස් පක්ෂය පවසන්නේ.,

එම නාම මාත්‍රික ජාතික සභාව මඟින් රට පුරා සිදුවූ ජනතා නැගීසිටීම්වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවත් මෙම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම ජාතික සභාව ආණ්ඩුවේ සියලු තීරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල අනුමැතිය වක්‍රාකාරව ලබාගැනීම අරමුණු කරගත් නාමමාත්‍රික කමිටුවක් බව ද එහි සඳහන්.

එමෙන්ම විශාල රාජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාවක් පිරි නැමීම තුළ විද්‍යාමාන වෙන්න ආණ්ඩුව තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසිඳු ධනාත්මක හෝ අව්‍යාජ උවමනාවක් නොමැති බවයි මෙම න්වෙදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන යෝජිත ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ ද ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ජාතියේත් යහපත හා සුරක්ෂිතතාව පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලනික වාසි නොතකා සහයදීමට විපක්ෂයේ සිට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ මෙම නිවේදනය මඟින් සඳහන් කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්..

image 0a72463e19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?