ජාතික සභාවට නො ගිය දේශපාලන පක්ෂවලට ශ්‍රීලනිපයේ ආචාරය

ජාතික සභාවට එක්වීමෙන් වැළකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත තම ආචාරය පුදකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ බව සඳහන් කර සිටියා.

ජාතික සභාව පිළිබඳ යෝජනාවේ අරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීම පමණක් බවයි නිදහස් පක්ෂය පවසන්නේ.,

එම නාම මාත්‍රික ජාතික සභාව මඟින් රට පුරා සිදුවූ ජනතා නැගීසිටීම්වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවත් මෙම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම ජාතික සභාව ආණ්ඩුවේ සියලු තීරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල අනුමැතිය වක්‍රාකාරව ලබාගැනීම අරමුණු කරගත් නාමමාත්‍රික කමිටුවක් බව ද එහි සඳහන්.

එමෙන්ම විශාල රාජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාවක් පිරි නැමීම තුළ විද්‍යාමාන වෙන්න ආණ්ඩුව තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසිඳු ධනාත්මක හෝ අව්‍යාජ උවමනාවක් නොමැති බවයි මෙම න්වෙදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන යෝජිත ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ ද ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ජාතියේත් යහපත හා සුරක්ෂිතතාව පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලනික වාසි නොතකා සහයදීමට විපක්ෂයේ සිට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ මෙම නිවේදනය මඟින් සඳහන් කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්..

image 0a72463e19


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30