ජාතික ගීය වාදනය වන අතරතුර ඇතිවූ කාලගෝට්ටිය – වීඩියෝ සහිතයි

මහරගම නගර සභාවේ ඊයේ (24) පැවැති රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ඒ අනුව ජාතික ගීය වාදනයවෙමින් තිබියදී ද මන්ත්‍රීවරුන් සභාව තුළ එලෙස නොසන්සුන්කාරී කටයුතු කළේය.  

ඒ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙනි.

රැස්වීම ආරම්භවීමත් සමග මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට අප්‍රසාදය පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21ක් දෙනෙකු එලෙස විරෝධය පළකර තිබුණි.

මහරගම නගර සභාව තුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 25කි.

ඒ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති බවට සහ සභාවේ අනුමැතියකින් තොරව එය සිදුවූ බවට චෝදනා කරමින්ය.

රුපියල් ලක්ෂ 19කට ඇස්තමේන්තු කළ පෙරමුසු ව්‍යාපෘතියක් රුපියල් ලක්ෂ 13කට ලබාදීම සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි. 

එම අවස්ථාවේදී නගර සභාවේ සභාපතිවරයා ජාතික ගීය වාදනය කරවමින් සභාවේ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සභාවේ උණුසුම් තත්ත්වය මැද ජාතික ගීය වාදනය වූ අතර එය ගායනා කිරීමෙන් අනතුරුව සභාපතිවරයා පිටව ගියේය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ නොකළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් මුදල් වංචාවක් සිදුවී නොමැති බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?