ජාතික ගීය වාදනය වන අතරතුර ඇතිවූ කාලගෝට්ටිය – වීඩියෝ සහිතයි

මහරගම නගර සභාවේ ඊයේ (24) පැවැති රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ඒ අනුව ජාතික ගීය වාදනයවෙමින් තිබියදී ද මන්ත්‍රීවරුන් සභාව තුළ එලෙස නොසන්සුන්කාරී කටයුතු කළේය.  

ඒ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙනි.

රැස්වීම ආරම්භවීමත් සමග මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට අප්‍රසාදය පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21ක් දෙනෙකු එලෙස විරෝධය පළකර තිබුණි.

මහරගම නගර සභාව තුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 25කි.

ඒ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති බවට සහ සභාවේ අනුමැතියකින් තොරව එය සිදුවූ බවට චෝදනා කරමින්ය.

රුපියල් ලක්ෂ 19කට ඇස්තමේන්තු කළ පෙරමුසු ව්‍යාපෘතියක් රුපියල් ලක්ෂ 13කට ලබාදීම සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි. 

එම අවස්ථාවේදී නගර සභාවේ සභාපතිවරයා ජාතික ගීය වාදනය කරවමින් සභාවේ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සභාවේ උණුසුම් තත්ත්වය මැද ජාතික ගීය වාදනය වූ අතර එය ගායනා කිරීමෙන් අනතුරුව සභාපතිවරයා පිටව ගියේය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ නොකළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් මුදල් වංචාවක් සිදුවී නොමැති බවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05