AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලොකු පුටුවට ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකුට ඉඩ

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර තිබෙනවා.

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර; බන්දුර දිලීප මහතාට අමතරව එහි නව අධ්‍යක්ෂ මණ්ඩලයකින් ද යුක්ත බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව ද වාර්තා වනවා.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

එකී පනතේ 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.

එම පනතේ 3(1)(ආ) වගන්තියේ නිර්ණායකයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර, ඔවුන්ගේ ධුර කාලය වසර 03ක් වනවා.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත්කළ යුතුයි.

එම බලතල ප්‍රකාරවයි කැබිනට් අමාත්‍ය මෙන් ම ප්‍රවාහන අමාත්‍ය විජිත් හේරත් මහතා විසින් අදාළ පත්කිරීම් සිදු කරනු ලැබුවේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද වනවා.

මෙම කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල්, ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලි තරංගා සිරිසෝම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. අයි. යූ. පෙරේරා යන මහත්ම මහත්මීන් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?