ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලොකු පුටුවට ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකුට ඉඩ

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර තිබෙනවා.

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර; බන්දුර දිලීප මහතාට අමතරව එහි නව අධ්‍යක්ෂ මණ්ඩලයකින් ද යුක්ත බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව ද වාර්තා වනවා.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

එකී පනතේ 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.

එම පනතේ 3(1)(ආ) වගන්තියේ නිර්ණායකයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර, ඔවුන්ගේ ධුර කාලය වසර 03ක් වනවා.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත්කළ යුතුයි.

එම බලතල ප්‍රකාරවයි කැබිනට් අමාත්‍ය මෙන් ම ප්‍රවාහන අමාත්‍ය විජිත් හේරත් මහතා විසින් අදාළ පත්කිරීම් සිදු කරනු ලැබුවේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද වනවා.

මෙම කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල්, ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලි තරංගා සිරිසෝම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. අයි. යූ. පෙරේරා යන මහත්ම මහත්මීන් බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39