ජාතික උරුමයන් රැකීමට පනතක් අවශ්‍යයි

ශ්‍රී ලංකවේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ස්වෙච්ජා සංවිධානවල ප්‍රධානීන් ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය හමුවේ කියා සිටිනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙරට ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් සැකසූ වාර්තා යටපත් කර ඇති බවට මෙම සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවයි.

එමෙන්ම මෙතෙක් ලෝක උරුම ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාන ප්‍රකාශයට පත් කළත් ජාතික උරුම ලෙස මෙරට කිසිවක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් මෙහිදී අවධානය යොමු කෙරුණ කරුණක්.

ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් ජාතික උරුම කළමනාකරණ පනතක් සකස් විය යුතු බවටයි ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීන් පාර්ලිමේන්තු සංසදය හමුවේ අවධාරණය කළේ.

මෙම පාර්ලිමේන්තු සංසදයේ සිව්වැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු අතර, ඊට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පුජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම පුරාවිද්‍යා
ක්‍ෂේත්‍රය තුළ ස්වෙච්ජාවෙන් කටයුතු කරනු ලබන සංවිධාන නියෝජනය කරමින්, මතුගම සෙනෙවිරුවන්,වෛද්‍ය වසන්ත බණ්ඩාර, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය ගාමිණී ඇතුළු පිරිසක් එක් ව සිටියා.

COPE 20231018 10
COPE 20231018 10
COPE 20231018 3 1
COPE 20231018 6
COPE 20231018 9 1
COPE 20231018 10 1
COPE 20231018 11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?