ජාතික උරුමයන් රැකීමට පනතක් අවශ්‍යයි

ශ්‍රී ලංකවේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ස්වෙච්ජා සංවිධානවල ප්‍රධානීන් ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය හමුවේ කියා සිටිනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙරට ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් සැකසූ වාර්තා යටපත් කර ඇති බවට මෙම සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවයි.

එමෙන්ම මෙතෙක් ලෝක උරුම ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාන ප්‍රකාශයට පත් කළත් ජාතික උරුම ලෙස මෙරට කිසිවක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් මෙහිදී අවධානය යොමු කෙරුණ කරුණක්.

ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් ජාතික උරුම කළමනාකරණ පනතක් සකස් විය යුතු බවටයි ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීන් පාර්ලිමේන්තු සංසදය හමුවේ අවධාරණය කළේ.

මෙම පාර්ලිමේන්තු සංසදයේ සිව්වැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු අතර, ඊට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පුජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම පුරාවිද්‍යා
ක්‍ෂේත්‍රය තුළ ස්වෙච්ජාවෙන් කටයුතු කරනු ලබන සංවිධාන නියෝජනය කරමින්, මතුගම සෙනෙවිරුවන්,වෛද්‍ය වසන්ත බණ්ඩාර, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය ගාමිණී ඇතුළු පිරිසක් එක් ව සිටියා.

COPE 20231018 10
COPE 20231018 10
COPE 20231018 3 1
COPE 20231018 6
COPE 20231018 9 1
COPE 20231018 10 1
COPE 20231018 11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34