ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක්

ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක් මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ඒකාබද්ධවයි ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ සේවාව ආරම්භ කර ඇත්තේ.

මෙහිදී ස්මාර්ට් දුරකථනයට QR කේතය බාගත කරදෙන අතර ස්මාර්ට් දුරකථන නැති පුද්ගලයින්ට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබාගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබාදීම සිදුකරනු ලබනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ දැනට ලක්ෂයකට වැඩි පිරිසක් මෙම සේවාව ලබාගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?