AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීමක් ගැන ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවතත් රටේ ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අඟවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (13) දිනයේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අනුව රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

යාපනය – මුත්තුවේලි ක්‍රීඩාංගණයේ අද (14) පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

තවත් වසර 03ක් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කළහොත් කිසිවෙකුට නැවත රටේ ආර්ථිකය බිඳ දැමිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උතුරට අවශ්‍ය උතුර දියුණු කරන වැඩසටහනක් බවත්, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර ඊට විසඳුමක් නොවන බවත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?