spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර පාසලේ තරුණ ගුරුවරයා දරුවන්ට කළ නොහොබිනා වැඩ

ජාත්‍යන්තර පාසලක තරුණ ගුරුවරයෙකු විසින් දැරියන් කිහිපදෙනෙකුගේ නිරුවත් ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේ පුවතක් බණ්ඩාරවෙල ජාත්‍යන්තර පාසලකින් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මෙම සිදුවීම හේතුවෙන් එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් විසින් අදාළ ගුරුවරයා ව අත් අඩංගුවට ගන්නා ලෙසට බල කරමින්, පාසල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ හෙයින් පසුව, මූලික විමර්ශන කිරීමෙන් පසුව අදාළ ගුරුවරයා ව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුව බණ්ඩාරවෙල පොලිසිය විසින් අදාළ සැකකාර තරුණ ගුරුවරයාගේ ජංගම දූරකථනය ද පරීක්ෂා කර තිබෙනවා.

එහි තිබී අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියේ කාන්තා හා ළමා කාර්‍යාංශය විසින් ද පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?