ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම තහනම්

ශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝමීටර් 05ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් යැවීම සපුරා තහනම් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකාවේ කටුනායක, රත්මලාන, මත්තල, යාපනය සහ මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එබැවින් මෙම ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් යැවීම තුලින් ගුවන් යානාවලට බලපෑම් ඇති වී ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත සහ දේපළ ද අවදානමකට ලක් විය හැකි බවටයි සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.

මෙම දැනුවත් කිරීමට නොසලකා හරිමින් එරෙහිව මෙම ප්‍රදේශ තුළ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් යැවීම සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව පවතින නීති රාමුව තුළ නීතිමය පියවර ගන්නා බව ද ගුවන් තොටුපොළ සමාගම වැඩිදුරටත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13