ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි අබේනායක ලියූ රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු ගැන සන්නිවේදන කතිකාව එළඹෙන 18 වැනිදා

ජ්‍යේෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදියෙකු මෙන් ම අධිකරණ වාර්තාකරුවෙකු ලෙස සැලකෙන ඒ.ජේ. අබේනායක මහතා විසින් රචනා කරන ලද ‘රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු’ නමැති ග්‍රන්ථය පිළිබඳ ව පැවැත්වෙන සන්නිවේදන කතිකාව එළඹෙන 18 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පෙබරවාරි මස 18 වැනි දා පස්වරු 03ට ටොරින්ටන් හි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දියි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ.

මෙම විශේෂ සන්නිවේදන කතිකාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් වන අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී කන්දේපොළ මහතා විසින් එය මෙහෙයවනු ලබනවා.

සාකච්ඡා මණ්ඩපයට සම්පත් දායකත්වය ලබා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපතිනි රසාංජලී පෙරේරා ඇතුළු විද්වතුන් රැසක් .

වසර 25කට ආසන්න කාලයක් මාධ්‍යවේදී භූමිකාව අකුරටම ඉටු කරමින් සුවිසල් මෙහෙවරක් සිදු කරන ජ්‍යේෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදී අබේනායක මහතා යනු ලේඛන කලාවට ද ආගන්තුකයෙක් නම් නොවේ.

මෙම කෘතියට අමතරව ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතර සුවඳ කඳුලු, මියගිය හෘද සාක්ෂිය සහ යුවතියකගේ ප්‍රේමය යන කෘති ද ජනාදරයට පාත්‍ර වූ කෘති වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46