AFC Banner
Empty Ad
Empty Ad

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා වන විධායක මට්ටමේ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන එළිදැක්වෙයි

රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබඳ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 30 දෙනෙකු සඳහා වන මෙම විධායක මට්ටමේ ශිෂ්‍යත්ව වැඩසටහන අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, නවසිලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලෙටොන් (Michael Appleton) නවසීලන්තයේ හිටපු සිවිල් සේවා කොමසාරිස් ඉයන් රෙනී (Iain Rennie) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනුයි පසුගිය 30වනදා අහුන්ගල්ල හෙරිටේජ් හෝටලයේ දී නිල වශයෙන් ආරම්භ කෙරුණේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් කරගත්, අත්දැකීම් සහිත ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකවන අතර එය නොවැම්බර් 03වනදා දක්වා පැවැත්වෙනවා.

2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් රට තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඉදිරියේ දී රාජ්‍ය නිලධාරීන්ට පැවරී ඇති පුළුල් කාර්යභාරය අවධාරණය කරමින් විවිධ අමාත්‍යාංශවල සේවය කරන අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කුසලතාවලින්, දැනුමෙන් මෙන්ම ආකල්පමය වශයෙන් සංවර්ධනය වූ නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවාව බල ගැන්වීම මෙහි අරමුණයි. තෝරාගත් නිලධාරීන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තවත් රටවල් 7ක සාමාජිකයින් 95 කට අධික සංඛ්‍යාවක ජාලයකට සහ ඔවුන්ගේ දෙපාර්තමේන්තු සහ සංවිධාන තුළ නවෝත්පාදන, උපායමාර්ගික දූරදර්ශීභාවය සහ ඩිජිටල් කුසලතා වෙනුවෙන් පෙනී සිටින 900 කට අධික රාජ්‍ය නිලධාරීන්ගේ ජාලයකට සම්බන්ධ වනු ඇති.

මෙම වැඩසටහන සඳහා තෝරාගනු ලබන නිලධාරීන් ලොව පුරා තවත් රටවල් හතක රාජ්‍ය නිලධාරීන් 95 දෙනෙකුට අධික සංඛ්‍යාවකගෙන් සමන්විත ජාලයකට සම්බන්ධ කෙරෙන අතර එම නිලධාරීන් විසින් ඔවුන්ගේ දෙපාර්තමේන්තු සහ සංවිධාන තුළ සිදු කෙරෙන නවෝත්පාදන, උපායමාර්ගික දර්ශනයන්, ඩිජිටල් කුසලතා සහ මෙවලම් හුවමාරු කරගැනීම වෙනුවෙන් කටයුතුකරන රාජ්‍ය නිලධාරී 900කට අධික සංඛ්‍යාවකින් සමන්විත වු ජාලයකට සම්බන්ධ වනු ඇති.

මෙම වැඩසටහන සඳහා සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය සතුව දැනට සිටින සම්පත් දායකයින්ට අමතරව, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ඉන්දියාව සහ මෝල්ඩෝවා වැනි රටවල විශේෂඥයින්ගේ ද සම්පත් දායකත්වය ලබාගැනීමට නියමිතයි.

සිට්‍රා (Citra) යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ නවෝත්පාදන විද්‍යාගාරය වන අතර එය ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අතර ඒකාබද්ධ වැඩසටහනක් ලෙසිනුයි ක්‍රියාත්මක වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?