ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තුටු පඬුරු දෙන්න එපා – පොලිස්පතිගෙන්, පොලිස් පොඩ්ඩන්ට විශේෂ දැනුම්දීමක්

නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂිත අවස්ථාවල දී පොලිස් සේවය තුළ ඇතැම් නිලධරයන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ට සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Hampers) පිරී නැමීම මෙන් ම ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධරයන් ඒවා භාර ගැනීම ද සිදුකරන බව අනාවරණය වී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක සඳහන් වනවා.

එම ලිපිය පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරි සහ අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් ,දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්
මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙතට යොමුකර තිබෙනවා.

මේ අනුව මින් ඉදිරියට ඉහත සඳහන් අවස්ථාවල හෝ වෙනත් අවස්ථාවක කිසිඳු නිලධාරියෙක් විසින් පොලිස්පතිවරයාහට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට හෝ සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Tlampers) පිරි නැමීම සිදු නොකළ යුතු බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැන්නක් භාර ගැනීම ද සිදු නොකළ යුතු බවත් පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කළ එම ලිපියේ දන්වා තිබෙනවා.

යම් නිලධාරියෙක්ට මෙවැනි විශේෂිත අවස්ථාවක පොලිස්පතිවරයාට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධරයක් සුභ පැතීම සඳහා අවශ්‍ය වන්නේ නම්, පුද්ගලිකව හමුවීම අවශ්‍ය නොවන අතර දුරකථනයෙන් ඇමතීම හෝ වටස්ඇප් (WhatsApp) මඟින් කෙටි පණිවුඩයක් යොමු කිරීම වැනි ක්‍රම වේදයක් ඔස්සේ සුභ පැතීම සිදු කළ හැකි බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඉහත උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරනු ලබන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට අදාළ අධි නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බව ද එම ලිපිය මඟින් දන්වා තිබෙනවා.

එම උපදෙස් ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද අදාළ වන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?