ජල ටැංකියක් පුපුරවා දමයි

මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.

කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි අදාල ජල ටැංකිය යුදසමයේදීද වෙඩි ප්‍රහාරයන්ට ලක්වද දැඩි අබලන් තත්වයක තිබීම හේතුවෙන් අය පරිහරනයක් නොකල අතරම ජලටැංකිය ජනතාව ගමන්කරන මාර්ගයක් අබියස පිහිටීමත් හේතුවෙන් කඩා වැටීමට ආසන්නව තිබීමෙන් මාර්ගයේ ගමන්කරන ජනතාවට දැඩි අවධානම් තත්වයක් විය.

ඒ පිළිබඳව ගම්වාසීන් විසින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී මාර්ගයෙන් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා මන්නාරම 54 සේනාංකය වෙතට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම සේනාංකයේ යුදහමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාල ප්‍රදේශයට පැමිණ මන්නාරම් දිසාපතිනි ස්ටෑන්ලිද මෙල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආපදාකලමනාකරන නිලධාරීන්ගේද අධීක්ෂණයන් පරිදි ප්‍රදේශයේ ජනතාව ඉවත් කොට ජලටැංකියට පුපුරණද්‍රව්‍ය යොදා පුපුරවා හැර බිමහෙලීමට පියවර ගන්නා ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?