ජල ටැංකියක් පුපුරවා දමයි

මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.

කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි අදාල ජල ටැංකිය යුදසමයේදීද වෙඩි ප්‍රහාරයන්ට ලක්වද දැඩි අබලන් තත්වයක තිබීම හේතුවෙන් අය පරිහරනයක් නොකල අතරම ජලටැංකිය ජනතාව ගමන්කරන මාර්ගයක් අබියස පිහිටීමත් හේතුවෙන් කඩා වැටීමට ආසන්නව තිබීමෙන් මාර්ගයේ ගමන්කරන ජනතාවට දැඩි අවධානම් තත්වයක් විය.

ඒ පිළිබඳව ගම්වාසීන් විසින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී මාර්ගයෙන් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා මන්නාරම 54 සේනාංකය වෙතට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම සේනාංකයේ යුදහමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාල ප්‍රදේශයට පැමිණ මන්නාරම් දිසාපතිනි ස්ටෑන්ලිද මෙල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආපදාකලමනාකරන නිලධාරීන්ගේද අධීක්ෂණයන් පරිදි ප්‍රදේශයේ ජනතාව ඉවත් කොට ජලටැංකියට පුපුරණද්‍රව්‍ය යොදා පුපුරවා හැර බිමහෙලීමට පියවර ගන්නා ලදි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33