විදුලි ගාස්තු සංශෝධනයට සමගාමී ව ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අද (මැයි 23) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විෂය භාර අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සජිත් ප්‍රේමදාස මහතා පළමු ව අදහස් දක්වමින් කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන ආකාරයෙන් ජල ගාස්තුව ද සංශෝධනය වන බවට තොරතුරු ලැබී ඇති බවටයි.
ඊට ප්‍රති පිළිතුරු ලබාදීමට නැගී සිටි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියේ කුමන සාක්ෂි පදනම් කරගෙන ජල ගාස්තු සංශෝධනයක් සිදුවන බවට ප්‍රකාශ කළේ ද යන්නයි.
එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන්ට වත්මන් රජය විදුලි බිල වැඩි කරන බවට ප්‍රකාශ කිරීමට පූර්වයෙන් තම පක්ෂය විදුලි ගාස්තු සංශෝධනයක් ගැන පැවසූ ආකාරයට ජල ගාස්තු සංශෝධනය ගැන ද ලැබුණු ඇතැම් තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදු කරන ලද බවයි.





