AFC Banner
AFC Banner
Empty Ad

ජලාශ කිහිපයක පහත් බිම් අවට ජනතාවට දැනුම්දීමක්

පවතින අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය, රාජාංගනය සහ ඉඟිනිමිටිය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දැදුරුඔය ජලාශාය් විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 08ක්.

ඉන් 2ක් අඩි 02 බැගින්ද තවත් වාන් දොරටු 02ක් අඩිය බැගින් සහ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.

එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 15,600ක් දැදුරුඔයට මුදා හැරෙන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජංගනය ජලාශයේ ද වාන් දොරටු 08ක් විවෘත කර තිබෙනවා. එහි වාන් දොරටු 2ක් අඩි 06 වශයෙන් ද තවත් වාන් දොරටු 02ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් ද වශයෙන්.

විවෘත කර ඇති එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 7850ක් කලාඔයට මුදා හැරෙනවා.

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 04ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 2000ක් මීඔයට මුදා දැරෙන බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අනුව දැදුරුඔය, කලාඔය සහ මී ඔය අවට පහත් බිම්වල පදිංචිකරුවන් අවදානයෙන් පසුගිය යුතු බවයි පුත්තලම ආපදා කළමනාකරන ඒකකය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?