AFC Banner
Empty Ad
Empty Ad

ජලය හිදුනු ග්‍රෙගරි වැව..

නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.නුවරඑලිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රේගරි වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු ග්‍රේගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් ඊයේ(22) දින සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යලිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑලිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියි.

මේ දිනවල නුවරඑලිය විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්,එම සංචාරකයන්ට පවත්වා තත්ත්වය මත ග්‍රේගරි වැවේහි විනෝද විමට අවස්තාවක් නොලැබිම තුලින් එම කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වි සිටින බවයි නුවරඑලිය ග්‍රේගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ නුවරඑලියේ ග්‍රේගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවේහි රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.

නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු බවත්,එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රේගරි වැව පරිශයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?