ජලය හිදුනු ග්‍රෙගරි වැව..

නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.නුවරඑලිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රේගරි වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු ග්‍රේගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් ඊයේ(22) දින සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යලිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑලිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියි.

මේ දිනවල නුවරඑලිය විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්,එම සංචාරකයන්ට පවත්වා තත්ත්වය මත ග්‍රේගරි වැවේහි විනෝද විමට අවස්තාවක් නොලැබිම තුලින් එම කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වි සිටින බවයි නුවරඑලිය ග්‍රේගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ නුවරඑලියේ ග්‍රේගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවේහි රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.

නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු බවත්,එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රේගරි වැව පරිශයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18