ජර්මානු හමුදාව ගොනාට ඇන්දවන්න හැදූ “ලී බඩු” 

දෙවන ලෝක යුද්ධය යුරෝපය පුරා පැතිර යන විට, ජර්මනිය සිදු කරමින් සිටියේ පරාජිත සටනකි. මේ නිසා ඔවුන්ගේ යුධ බලය, තිබෙන මට්ටමට වඩා සතුරාට පෙන්වීම මගින් සතුරා අධෛර්යමත් කිරීමට ජර්මන් භටයින් විසින් උපක්‍රමයක් අනුගමනය කරන ලදී.

ඒ අනුව ඔවුන් විසින් විශාල වශයෙන් ශ්‍රමය සහ ධනය වැයකොට, ලී භාවිතයෙන් ගුවන් පථ, ගුවන් යානා, ගොඩනැගිලි වැනි දෑ සතුරාට දර්ශනය වීම සඳහා සැකසීම ආරම්භ කෙරිණි. 1942 වසරේ ඔක්තෝබර් මාසයේ අග දිනයක ජර්මනියේ පොට්ස්ඩෑම් (Potsdam) නගරයට ආසන්නයේ මෙලෙස සාදා තිබූ ව්‍යාජ ගුවන් පථයක් අසල සිටි ජර්මානු භටයින්ට ලැබුණු පණිවිඩයකින් කියැවුණේ සතුරු ගුවන් යානා, ප්‍රහාරයක් සඳහා ඔවුන්ගේ ගුවන් සීමාව කරා පැමිණෙමින් සිටින බවයි.

වහා ක්‍රියාත්මක වූ ජර්මානු භටයින්, ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී සාදා සූදානම් කරගෙන තිබූ ව්‍යාජ ලී ගුවන් යානා අනුරූ දහයක් පමණ ගුවන් පථයේ තැන් තැන් වල රඳවන ලදී. සතුරු ගුවන් යානා පැමිණි අතර, බෝම්බ දහයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් පථයට හෙලන ලදී. නමුන් ඒවා එකක්වත් පිපිරීමට ලක් වූයේ නැත.

පසුව පරීක්ෂා කළ ජර්මානු භටයින්ට පෙනී ගියේ ඒවාද සත්‍ය බෝම්බ නොව, ලී වලින් තැනූ ව්‍යාජ බෝම්බ බවයි. එම බෝම්බ වල පිටතින් “ලීයට ලීය” (wood for wood) ලෙස හාස්‍යජනක වදනක්ද පින්තාරු කර තිබුණි. ජර්මානු භටයින්ගේ උපක්‍රමය, සතුරු හමුදාව විසින් ආරම්භයේ සිටම නිරීක්ෂණය කර තිබීම මෙයට හේතුව විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07