AFC Banner
AFC Banner
Empty Ad

ජය ශ්‍රී මහා බෝධියේ අංකුර බෝධියක් වැලිගමට (ඡායාරූප)

අටමස්ථානාධිපති හා නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් විසින් අතිපූජණීය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ අංකුර බෝධියක් රෝහණ සංඝ සභාවේ උපසම්පදා කාරක සභික බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හබරක සෝභිත නාහිමියන් පිළිගැන්විම ඉකුත්දා සිදු කෙරුණා.

එම බෝධීන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේ සිට දර්ශණිය පෙරහැරෙන් බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානය වෙත උඩරට පහතරට නර්තන කණ්ඩායම් ද සමග අති උත්කර්ෂවත් අන්දමින් වැඩම කරවීමටයි කටයුතු කර තිබුණේ.

මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, පොලිස් නිලධාරින් හා ශ්‍රී ධර්මරතන දහම් පාසලේ දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?