ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ට පොලිස් ඇප

රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කර හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගත් ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු දෙදෙනා ඊයේ රාතී‍්‍රයේ පොලිස් ඇප මත මුදා හැර ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණි. රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ පෙළපාලිය කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරිණි.කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, කොටුව පොලීසිය විසින් පූර්ණ විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.