AFC Banner
Empty Ad
Empty Ad

ජම්මු – කාශ්මීර් ගැටුමකින් ත්‍රස්තයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සමග ඇති වු ගැටුමකින් ත්‍රස්තයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ත්‍රස්තවාදීන් සමග ඇති වු ගැටුමෙන් ඉන්දීය හමුදා සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා ඇති ඇති අතර ජම්මු හා කාශ්මිරයේ කුල්ගම් දිස්ත්‍රික්කයේ දී මෙම ගැටුම ඇති වී තිබෙනවා.

ගැටුම හටගත් ප්‍රදේශයේ තිබී ඒ කේ ෆෝටිසෙවන් වර්ගයේ ගිනිඅවි දෙකක් හා උණ්ඩ තොගයක් ද සොයා ගත් බව එරට නිලධාරීන් සඳහන් කළා.

අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටි හමුදා භට කණ්ඩය ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම හටගත් බවයි The Times Of India පුවත් සේවය වාර්තා කරන්නේ.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය හමුදාව හා ජම්මු හා කාශ්මිර පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?