වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – කුරුඳුවත්ත පොලිසිය දිනය වෙනස් කිරීම ගැනත් සැකයක්? (වීඩියෝ)

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (08) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් සැකකාරිණියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව සැකකාර වෛද්‍යවරිය ජුලි මස 15 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මෙම සිද්ධියට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් දෙවැනි හා තුන්වැනි සැකකරුවන් දෙදෙනා ව රුපියල් 25000 බැගින් වූ මුදල් ඇප හා මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළා.

එම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවට භාර දිය යුතු බවත් පවසා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

මේ අතර අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් දෙදෙනකුට මරණ තර්ජන සිදු කිරීමේ චෝදනාවට ඊයේ (07) අත් අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරියගේ දියණියට සිංහල භාෂාව නොහැකි බවට කළ ප්‍රකාශය අසත්‍ය බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අධිකරණයට වාර්තා කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරු පැවසුවේ එම සැකකාර දියණිය කුරුඳුවත්ත පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත්තේ ද සිංහල භාෂාවෙන් බවයි.

ඊයේ දිනයේ දී වෛද්‍යවරියගේ දියණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිය සේවාදායිකාවට සිංහල භාෂාව හැසිරවීම අපහසු බවයි.

කෙසේවෙතත් 21 හැවිරිදි වියෙහි පසුවන සැකකාර වෛද්‍යවරියගේ දියණිය විසින් පසුගිය ඉරිදා දිනයේ ලබා දුන් ප්‍රකාශයක් ඊට පෙර සිකුරාදා දිනයේ පස්වරු 05ට ලබා දුන් බවට කුරුඳුවත්ත පොලිසිය විසින් සටහන් කිරීමක් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම අද අධිකරණයට කරුණු වාර්තා කළා.

එබැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි යවන ලෙසට ද අධිකරණය වැඩිදුරටත් නියෝගයක් නිකුත් කරමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
19
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27