වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – කුරුඳුවත්ත පොලිසිය දිනය වෙනස් කිරීම ගැනත් සැකයක්? (වීඩියෝ)

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (08) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් සැකකාරිණියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව සැකකාර වෛද්‍යවරිය ජුලි මස 15 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මෙම සිද්ධියට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් දෙවැනි හා තුන්වැනි සැකකරුවන් දෙදෙනා ව රුපියල් 25000 බැගින් වූ මුදල් ඇප හා මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළා.

එම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවට භාර දිය යුතු බවත් පවසා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

මේ අතර අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් දෙදෙනකුට මරණ තර්ජන සිදු කිරීමේ චෝදනාවට ඊයේ (07) අත් අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරියගේ දියණියට සිංහල භාෂාව නොහැකි බවට කළ ප්‍රකාශය අසත්‍ය බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අධිකරණයට වාර්තා කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරු පැවසුවේ එම සැකකාර දියණිය කුරුඳුවත්ත පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත්තේ ද සිංහල භාෂාවෙන් බවයි.

ඊයේ දිනයේ දී වෛද්‍යවරියගේ දියණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිය සේවාදායිකාවට සිංහල භාෂාව හැසිරවීම අපහසු බවයි.

කෙසේවෙතත් 21 හැවිරිදි වියෙහි පසුවන සැකකාර වෛද්‍යවරියගේ දියණිය විසින් පසුගිය ඉරිදා දිනයේ ලබා දුන් ප්‍රකාශයක් ඊට පෙර සිකුරාදා දිනයේ පස්වරු 05ට ලබා දුන් බවට කුරුඳුවත්ත පොලිසිය විසින් සටහන් කිරීමක් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම අද අධිකරණයට කරුණු වාර්තා කළා.

එබැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි යවන ලෙසට ද අධිකරණය වැඩිදුරටත් නියෝගයක් නිකුත් කරමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
19
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?