ජපාන විශේෂ වෛද්‍යවරු කණ්ඩායමක් දිවයිනට

මෙරට මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරු ඇතුළු සමීක්ෂණ කණ්ඩායමක් අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

මෙම කණ්ඩායමට වෛද්‍යවරු  05 දෙනෙක් සහ ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් ඇතුළත්.

මෙම කණ්ඩායම ලබා දෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරෙන සම්පූර්ණ  වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින් සහ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කීපය තුළ දී ජපානයේ සිට මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන්ව පිළිගැනීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?