ජපාන විශේෂ වෛද්‍යවරු කණ්ඩායමක් දිවයිනට

මෙරට මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරු ඇතුළු සමීක්ෂණ කණ්ඩායමක් අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

මෙම කණ්ඩායමට වෛද්‍යවරු  05 දෙනෙක් සහ ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් ඇතුළත්.

මෙම කණ්ඩායම ලබා දෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරෙන සම්පූර්ණ  වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින් සහ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කීපය තුළ දී ජපානයේ සිට මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන්ව පිළිගැනීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38