AFC Banner
Empty Ad
Empty Ad

ජපාන ඔලිම්පික් කමිටු ජ්‍යේෂ්ඨ නිලධාරියා දුම්රියකට පනී

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට මාසයක පමණ කාලයක් තිබියදී ජපාන ඔලිම්පික් කමිටුවේ ගිනුම් අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු දුම්රියකට පැන සිය ජීවිතය අහිමි කරගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතය අහිමි කරගෙන තිබෙන්නේ යාසුෂි මොරියා නම් නම් නිලධාරියායි. ඔහු සිය ජීවිතය හානි කරගන්නා විට වයස 52 වැනි වියේ සිටියා.

ඔහු සිය ජීවිතය හානි කරගන්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ඔහු මිය ගිහින් පැය 02ක පමණ පසුව සොයාගෙන තිබෙන අතර දේහය පසුව රෝහලක් වෙත ගෙන ගොස් තිබුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී අත්හිටුවන ලද ඔලිම්පික් උළෙල නැවැත පැවැත්වීම සඳහා ජපානය දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා. ඒ අනුව ඔලිම්පික් උළෙල ලබන මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?