ජපානය බිත්තර වෙනුවට ආදේශක සොයයි

ජපානයේ බිත්තර මිල 70% කින් ඉහළ යාම හේතුවෙන් ජපාන වැසියන් බිත්තර වෙනුවට ඊට සමාන වෙනත් ආදේශක අහාර වර්ග වෙත වැඩි අවධානයක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ජපානය තුල උග්‍ර ලෙස පැතිර ගිය කුරුළු උණ රෝගය හේතුවෙන් මෙම තත්වය පැන නැග ඇති බවයි ජපාන කෘෂිකාර්මික සමුපකාර සංගම් ජාතික සම්මේලනය සඳහන් කළේ.

කුරුළු උණ වෛරසය හේතුවෙන් ජපානයේ කුකුල් ගොවිපල රැසක කුකුලන් මිලියන 17 ක් විනාශ කර දැමීමට බලධාරීන්ට සිදු වුණා.

ඉන් 9%ක් ම බිත්තර දමන කිකිළියන්.

එහි ප්‍රතිපලයක් වශයෙන් බිත්තර මෙන්ම බිත්තර ආශ්‍රිත කෑම වර්ගවල මිල අධික ලෙස ඉහළ ගිය අතර ජපාන වැසියන් හට බිත්තර සුඛෝපභෝගී ආහාරයක් බව‍ට පත් වුණා.

ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා හෙවත් කුරුළු උණ වෛරසය ශත වර්ෂයකට අසන්න කාලයක සිට සත්ව ගොවිපල ආශ්‍රිතව පැතිර තිබු නමුත් එම වෛරසය පිළිබඳව නිහඬතාවක් මතුව තිබු බැවින් එය රටවල් ගණනාවක සත්ව ගොවිපලවල් ආක්‍රමණය කර තිබෙන බවයි ජපාන වාර්තා සඳහන් කර ඇත්තේ.

ජපානයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර කිලෝවක වත්මන් මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 846.72ක් වනවා.

බිත්තර ආශ්‍රිත අහාර පිළිගන්වන ජපාන අවන්හල් රැසක් ඒවායේ කාර්ය මණ්ඩලය ද අවම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සමඟම බිත්තර යෙදූ ආහාර මිල ගණන්ද වාර්ාගත ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

බිත්තර යොදා සකසන ආහාර වර්ග 15ක අලෙවියද මේවනවිටත් ජපානය තුළ සිදු වන්නේ නැහැ.

ජපානයේ ප්‍රධාන අවන්හල් 100ක ආහාර ලැයිස්තුවෙන් සියයට 28ක ආහාර වර්ග ඉවත් කර ඇත්තේද බිත්තර හිඟය හේතුවෙන්.

වරින් වර හිස ඔසවන කුරුළු උණ මේවනවිට ජපානයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. මෙවර එහි විකෘති වෛරසයක් ව්‍යාප්ත වනවාදැයි විද්‍යාඥයින් සැක පළ කරනවා.

මේ අතර දේශීය ආහාර සමාගමක් වන 2foods විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ කැරට් සහ කැනලිනි බෝංචි වැනි එළවළුවලින් සාදන ලද බිත්තර වෙනුවෙන් විකල්පයක් ඇතුළත් නිෂ්පාදන පිළිබඳ වැඩි විමසීම් තමන්ට ලැබී ඇති බවයි.

Ever Egg ලෙසින් නම් කරන ලද, egg-alternative යනු 2foods සහ ජපානයේ ආහාර නිෂ්පාදන දැවැන්තයෙකු වන Kagome අතර සකස් කෙරුණු ඒකාබද්ධ නිෂ්පාදනයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22