ජපානයේ ප්‍රබල භූ චලනයක්

ටෝකියෝ සහ නැගෙනහිර ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූ කම්පනය චිබා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 44.5 (සැතපුම් 28) ගැඹුරින් කේන්ද්‍රගත වී ඇති බවයි ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

එම ප්‍රදේශයේ දුම්රිය සේවා ටික වේලාවකට නතර කර ඇති අතර ටෝකියෝ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථ තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ටෝකියෝ වැසියන්ට භූ කම්පනයේ සෙලවීම දැනෙන්නට මොහොතකට පෙර, භූමිකම්පා පිළිබඳ ජපානයේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විශාල කම්පනයක් ගැන අනතුරු අඟවා තිබුණා.

චීබා සහ ඉබරාකි ප්‍රාන්තවල භූමිකම්පාව දුර්වල ලෙස සටහන් වූ අතර ටෝකියෝ අගනුවරට දැඩි ලෙස දැනුණු නමුත් විශාල හානියක් පිළිබඳ වාර්තා වී නැහැ.

Ibaraki හි පිහිටා ඇති Tokai අංක 2 න්‍යෂ්ටික බලාගාරයේ කිසිදු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති බව එහි ක්‍රියාකරුවන් පවසනවා.

ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වන ජපානයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.

රික්ටර් පරිමාණයේ 6 හෝ ඊට වැඩි ප්‍රබලත්වයෙන් යුක්තව ලොව සිදුවන භූමිකම්පාවලින් පහෙන් එකක් පමණ සිදු වන්නේ ජපානයේයි.

අද කම්පනය වාර්තා වන්නේ ඉෂිකාවා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපක 6.5 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී සති තුනකට පසුවයි.

ප්‍රබල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා ජපානයේ දැඩි ඉදිකිරීම් රෙගුලාසි පවතින අතර, ප්‍රධාන ව්‍යසනයන් සඳහා සූදානම් වීම වෙනුවෙන් හදිසි අභ්‍යාස පැවැත්වීම ද පුරුද්දක් ලෙස සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජපානයේ සිටින අතර ජනාධිපතිගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “මෙම භූමිකම්පාව තමන් මුලින්ම අත්විඳින අතර, නිසැකවම මෙවැනි විශාලත්වයේ එකක් මීට පෙර දැනී නැත” යනුවෙන්.

Dinouk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?