ජපන් වාහන ආනයනය ගැන දැනුම්දීමක්

වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්න ද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක පවසනවා.

ඔහු පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.

ඒ, හේතුවෙන් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන අපනයන කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේනිසා මේවන විට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැකිවේ. ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුයි. මේ සඳහා යම් කාලයක් ගතවන නිසා ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ.”

ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත්, එවැනි තත්ත්වයන් තුළ මෙවැනි ව්‍යාපාරවල දී බොහෝ අසීරුතා පැන නගින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම යම් නීතියක් වෙනස් කරන්නේ නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදුකළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

වර්තමාන වනවිට වාහන අපනයන සඳහා අවසර ලබාදීම වඩාත් උචිත බව දක්වන ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව දැනටමත් ඒ සඳහා ප්‍රමාදව කටයුතු කරනු ලබන බවයි.

කොවිඩ් 19 වසංගතයෙන් පසු නවීන වර්ගයේ වාහන ලෝකය පුරා දැකගත හැකි බවත් ශ්‍රී ලංකාව ද මෙවැනි වාහන ආනයනය සඳහා කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර ලබන වසරේ සිට වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
7
+1
1
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?