ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු බවයි.

මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමග නවීන තාක්ෂණය යොදා ගනිමින් ටැබ් පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කිරීම මෙන් ම භූ-අවකාශීය තාක්ෂණයන් සමග පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) පැවැත්වීම බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර අවසන් වරට මෙය පවත්වනු ලැබූයේ 2012 වසරේදී යි.

මෙරට නීතිමය පදනමක් මත පැවැත්වූ මුල්ම ජන සංගණනය 1871 මාර්තු මස 27 වැනි දින පවත්වා ඇති අතර එය දකුණු ආසියාතික රටවල් අතර ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය ද වුණා.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වන ජන සංඛ්‍යාව එහි භූගෝලීය ව්‍යාප්තිය, ජනවාර්ගික ව්‍යාප්තිය හා ජනගහනයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක සමාජීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ තොරතුරු සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි ප්‍රධාන දත්ත මූලාශ්‍රයන් ලෙස ලබා ගැනීම මෙම ජන සංගණනයේ දී සිදු කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ලංකාවේ සියලුම ගොඩනැගිලි සඳහා අංකයක් ලබා දීම, සියලුම ගොඩනැගිලි ඒකක සඳහා ගෝලීය ස්ථාන නිර්ණායක (GPS පාඨාංක) ලබා ගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඩිජිටල්කරණය කරන ලද (Digitized) සිතියමක් ලබාදීම මෙම ජන සංගණනයේදී සිදු වනු ඇති.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.පී. අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27