spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු බවයි.

මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමග නවීන තාක්ෂණය යොදා ගනිමින් ටැබ් පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කිරීම මෙන් ම භූ-අවකාශීය තාක්ෂණයන් සමග පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) පැවැත්වීම බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර අවසන් වරට මෙය පවත්වනු ලැබූයේ 2012 වසරේදී යි.

මෙරට නීතිමය පදනමක් මත පැවැත්වූ මුල්ම ජන සංගණනය 1871 මාර්තු මස 27 වැනි දින පවත්වා ඇති අතර එය දකුණු ආසියාතික රටවල් අතර ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය ද වුණා.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වන ජන සංඛ්‍යාව එහි භූගෝලීය ව්‍යාප්තිය, ජනවාර්ගික ව්‍යාප්තිය හා ජනගහනයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක සමාජීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ තොරතුරු සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි ප්‍රධාන දත්ත මූලාශ්‍රයන් ලෙස ලබා ගැනීම මෙම ජන සංගණනයේ දී සිදු කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ලංකාවේ සියලුම ගොඩනැගිලි සඳහා අංකයක් ලබා දීම, සියලුම ගොඩනැගිලි ඒකක සඳහා ගෝලීය ස්ථාන නිර්ණායක (GPS පාඨාංක) ලබා ගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඩිජිටල්කරණය කරන ලද (Digitized) සිතියමක් ලබාදීම මෙම ජන සංගණනයේදී සිදු වනු ඇති.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.පී. අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?