ජන සංහාරය ගැන බ්‍රම්ප්ටන් නගරාධිපතිගේ ප්‍රකාශය ඡන්ද ගුණ්ඩුවක් – විජිත හේරත්

කැනඩාවේ බ්‍රම්ප්ටන් ප්‍රාන්ත නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් මෙරට දෙමළ ජන සංහාරය පිළිබඳ ව සිදු කළ ප්‍රකාශය එම ප්‍රදේශයේ ඡන්ද අපේක්ෂාවෙන් සිදු කරන ලද්දක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, කැනඩාව තුළ පැන නැගි ඇති ජන සංහාර අර්බුදය වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ඇති වූවක් නොව, එය 2021 වර්ෂයේ සිට ම වරින් වර ඇති වූවක් බවයි.

ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ යුද සමයේ දී මෙරට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් රජය දැනුවත් ව දෙමළ ජන සංහාරයක් සිදු කිරීම ගැන කැනඩාවෙන් චෝදනා එල්ල වූ අතර 2021 දී බ්‍රම්ප්ටන් ප්‍රාන්තයේ දී ජන සංහාර ස්මාරකයක් ද ඉදිකිරීමට මුල්ගල් තැබුණා.

එම ස්මාරකය මැයි මස 10 වැනි දින (2025 වසරේ) විවෘත කෙරුණේ වත්මන් බ්‍රම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී නගරාධිපතිවරයා පැවසුවේ, කැනඩාවේ වෙසෙන කවර ශ්‍රී ලාංකිකයෙකු හෝ ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට පිළිනොගන්නේ ද, වහාම තම රටට පෙරලා යා යුතු බවත්, කිසිම දිනෙක කැනඩාවට එවැනි පුද්ගලයින් පිළිනොගන්නා බවයි.

පෙරේදා දිනයේ දී ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා මුණගැසී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් බ්‍රම්ප්ටන් හි ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන මෙරට රජයේ දැඩි විරෝධතාවක් යළිත් මතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10