AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි – දෙදෙනෙකුට බරපතලයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරකට ලක්ව ඇති බව තලාව පොලිසිය පවසනවා.

ඊයේ (31) සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ඩිෆෙන්ඩර් රථය යාපනය ප්‍රදේශයේ සිට නැවත කොළඹ බලා පැමිණෙමින් සිටිය දී තලාව ඉන්ධනහල අසල මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ලේකම් කාර්යාලයට අයත් රියදුරෙක්‌ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?