ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි – දෙදෙනෙකුට බරපතලයි (වීඩියෝ)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරකට ලක්ව ඇති බව තලාව පොලිසිය පවසනවා.

ඊයේ (31) සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ඩිෆෙන්ඩර් රථය යාපනය ප්‍රදේශයේ සිට නැවත කොළඹ බලා පැමිණෙමින් සිටිය දී තලාව ඉන්ධනහල අසල මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ලේකම් කාර්යාලයට අයත් රියදුරෙක්‌ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14