ජනාධිපති ලේකම් කාර්යාලයේ මිලියන 162ක භාණ්ඩ අස්ථාන ගතවෙලා – අධිකරණයට දැනුම්දීමක්

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ රැසක් අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදුකරන බවත්, එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරීවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ දී ප්‍රකාශ ලබාගැනීමට පියවර ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

එලෙස අස්ථාන ගත වී ඇති භාණ්ඩ මොනවා ද යන්න පිළිබඳව ද සොයාබැලීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊට අදාළ ලැයිස්තුවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42