ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 26ක් අතුරුදන් වීම ගැන නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දුන්නා.

ජනාධිපති ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කරන බවයි මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දන්වා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අතිරේක ලේකම්වරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම අදාළ වාහන 29යෙන් දහසයක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර ඇති බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් වාහන 13ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැති බව ද දන්වා සිටියා.

විමර්ශනයට අදාළව පළාත් 09 තුළ ඇති පළාත් පාලන ආයතනවලින් මෙම රථවාහන සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදු වී ඇත යන්න පිළිබඳ ව තොරතුරු විමසා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විමර්ශනවලට අදාළ ප්‍රගතිය දැනුම් දීම සඳහා මාර්තු මස 12 වැනිදා නඩුව කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?