ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 26ක් අතුරුදන් වීම ගැන නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දුන්නා.

ජනාධිපති ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කරන බවයි මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දන්වා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අතිරේක ලේකම්වරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම අදාළ වාහන 29යෙන් දහසයක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර ඇති බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් වාහන 13ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැති බව ද දන්වා සිටියා.

විමර්ශනයට අදාළව පළාත් 09 තුළ ඇති පළාත් පාලන ආයතනවලින් මෙම රථවාහන සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදු වී ඇත යන්න පිළිබඳ ව තොරතුරු විමසා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විමර්ශනවලට අදාළ ප්‍රගතිය දැනුම් දීම සඳහා මාර්තු මස 12 වැනිදා නඩුව කැඳවන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16