ජනාධිපති කාර්යාලයෙන් කාර්ය සාධක බළකා 7ක්

රට තුළ “ව්‍යාපාර හිතකාමී පරිසරයක්” නිර්මාණය කිරීමේ අරමුණින් කාර්ය සාධක බළකා 4ක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය සැලැසුම් කර තිබෙනවා.

මෙගින් ආයෝජනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සරල කිරීම, ඒ සඳහා ගතවන කාලය අවම කිරීම සහ අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂිතයි.

ඒ අනුව කාර්ය සාධක බළකා වෙත විධිමත් කාර්ය භාරයක් පවරා ඇති අතර ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබෙනවා.

ව්‍යාපාර ප්‍රවේශය පහසු කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නීතිමය පද්ධතින් යාවත්කාලීන කිරීම සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බළකාය ඊට ඇතුළත්.

මෙම කාර්ය සාධක බළකාය මගින් ඩිජිටල් අත්සන් පද්ධතියක් ඇති කිරීම, සමාගම් පනතට අවසන් ප්‍රතිලාභීන්ගේ අයිතිය ඇතුළත් කිරීම සහ සමාගම් රෙජිස්ට්‍රාර් (RoC) විසින් භාවිතා කරන පවතින ආකෘති සරල කිරීම වැනි ප්‍රධාන සේවා ලබා දීම සිදු කරනු ලබනවා.

ඉඩම් ලියාපදිංචිය, අවශ්‍ය සහතික සහ අදාළ ගෙවීම් සම්බන්ධ පියවර වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ‘දේපළ ලියාපදිංචි කිරීමේ’ කාර්ය සාධක බළකායක් ද ස්ථාපනය කිරීමට නියමිතය. මිනුම්පති දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඇතුළු ආයතන හතකින් මෙම කාර්ය සාධක බළකාය සමන්විත වනු ඇති.

ඔප්පු හිමිකම් සෙවීම්, විද්‍යුත් ඔප්පු ලියාපදිංචි කිරීම සහ ගොඩනැඟිලි/වීදි රේඛා සහතික ලබා ගැනීම සඳහා ගතවන කාලය, පිරිවැය සහ ක්‍රියා පටිපාටි අවම කිරීම සඳහා ඊ-ඉඩම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙම කාර්ය සාධක බළකාය මගින් සිදු කරනු ලබනවා.

එම කටයුතු මූලික වශයෙන් කොළඹ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම කෙරෙහි කාර්ය සාධක බලකාය අවධානය යොමු කරනු ඇති අතර හිමිකම් විස්තර උපුටා ගැනීම සඳහා මාර්ගගත (online) පහසුකම් ඇති කිරීම, මුද්දර ගාස්තු ගණනය කිරීම සහ ඔප්පු ලියාපදිංචියට මාර්ගගත (online) පහසුකම් සැලසීම, ඉඩම් ලේඛනයට ඇතුළත් ( කැඩැස්තර) සැලැස්ම වෙබ් අඩවියට මුදා හැරීමට සිදු කරනු ඇති.

බස්නාහිර පළාතට අදාළ ඉඩම් කට්ටි පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් සේවාව දැනටමත් ආරම්භ කර තිබෙනවා.

කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ හිමිකම් සෙවීම සඳහා මාර්ගගත පද්ධතියක්, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය මුද්දර ගාස්තු ගණනය කිරීමේ ක්‍රමයක් සහ කොළඹ ඉඩම් ලේඛනාගාරයේ ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා ස්වයංක්‍රීය ක්‍රමයක් වැනි සේවා ලබාදීමට කාර්ය සාධක බලකාය කටයුතු කර ඇති අතර එම කටයුතු 2023 අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කෙරෙනවා.

කාර්ය සාධක බලකායට එහි ඉලක්ක සපුරා ගැනීමට පහසුකම් සැලසීම මෙන්ම අන්තර් නියෝජිත ආයතන සම්බන්ධතා සහ ඩිජිටල්කරණ ගැටලු විසඳීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ සහාය හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?